ගම හරහා දිවිල්ල...
ඔන්න ඉතින් අලුත් අවුරැද්දක් උදාවේච්ච මොහොතේ කස්ටියටම හැපී නිව් ඉයර් සහ සුබ අලුත් අවුරැද්දක් වේවා! කියලා විෂ් කරනවා හොදේ..මහේෂාක්‍ය ඉතින් කොහොමත් පිනට දහමට බර නිසා මේවා කරන්නම ඕනනේ...ඔන්න ඉතින් අවුරැදු කිව්වම මට මතක් වූනේ අපේ සිංහල අවුරැද්දට පස්සේ දවසක වෙච්ච සොමි සින් එකක්..මේකට මූණ දිපු පාර්ශවයන් තාමත් අපේ ගමේ යහතින් ජීවත් වෙන නිසා අද මට අලුත් අවුරැද්දේ සනීපෙට ඔලුව පලාගන්නත් වේවිද මන්දා මේක පෝසට් කරලා..ඔන්න ඉතින් ගිය අවුරැද්දේ සිංහල අලුත් අවුරැද්දට පස්සේ දවසේ අපි දාපු පාටිවල රිසාල්ට් අවුට්වෙලා හතර පස්දෙනෙක් ම හිටියේ හතර ගාතෙන්..ඒත පුරැදු විදියටම ගමේ තියෙන අවුරැදු උත්සවේ තියෙන්නේ අවුරැද්දට පස්සේ දවසේ නිසා බැරි බැරි ගාතේ අපි එතනට ගියා..මොකද ඊට කලින් අවුරැදු 5ක් තිස්සේ සංවිධායක මණ්ඩලේ මුල්ම පුටුවේ හිටපු මම ගමේ ඊළග පරම්පරාව ගැන හිතලා පුටුව වෙන කැනහිලෙකුට දීලා හිටියේ..ඒත් ඒකා පිස්සු නටනවා කියලා ආරංචි වෙලා කොච්චර අමාරැ වුණත් මම තීරණය කරා ගිහින් මගේ සංවිධාන ශක්තිය හා මයික් කටාර් වැඩේ බාරගන්න
ඉතින් උදේ පාන්දර තියෙන් ඉවෙන්ට්ස් ටික හැම තැනම එකමනේ අනේ...අර ගම හරහා දුවනවා කියලා කොල්ලෝ බල්ලෝ සේරම මැරීගෙන ගමවටේ පණ කඩාගෙන දුවන එකයි..අවුරැදු එකේ දෙකේ පොඩි එවුන් දුවන්න බෑ කියලා මරවිලාප තියද්ද අම්මලා තල්ලු කරගෙන වගේ දිනුම් සීමාව පහු කරන එකයි වගේ කෙහෙල්මල්නේ උදේ පාන්දර තියෙන්නේ..ඔන්න මම ගිහින් ටික වේලාවකින් පටන් ගත්තා සිරාම තරග ඉසව්ව..40න් පහල කාන්තා දිවීමේ තරගය..
365 දවසේම ඕපා දූප කිය කිය, කාට කාට හරි අංචි ඇද ඇද ඉන්න අපේ ආදරණීය ඇන්ටිලා ටික දුවන ඉසව්ව තමයි මරැම ඉසව්ව..අපේ ගෑණු ටික මාර වැඩ කාරියෝ කීපදෙනෙක්ම ඉන්නවා සාක් සහ ඔලිම්පික් පොඩ්ඩෙන් මිස් වෙච්ච..ඉතින් කොහොම හරි මමත් මයික් කටාර් එකෙන් කිව්වා
දැන් පැවැත්වෙන්නේ 40 න් පහල කාන්තා දිවීමේ තරගයයි...තරගයට සහභාගීවෙන්න හිතන් ඉන්න නංගිලා...සොරි සොරි ඇන්ටිලා කලු මහත්තයලගේ ගෙදර ඉස්සරහ තියන ආරම්භක සීමාව වෙතට යන්න..ආරම්භක මාක් එක චින්තක අයියා ලබා දේවි කියලා..
එහෙම කියලා මාත් දුවගෙන ගියා එතනට..අපේ ගමේ කාන්තාවෝ දුවනවා බලන්න හරි ආස අයිය කෙනෙක් ඉන්නවා නම තමයි මර්ඩර..මර්ඩර් කිව්වම ගමම දන්නවා..හැබැයි අහිංසක කොල්ලා..ඉතින් ඔන්න මර්ඩර් තරගය පැවැත්වෙන මහා මාරගය අසල තියන වැටක් ගවට වෙලා කට්ටිය එක්ක ආසාවේ බලන් ඉන්නවා..
තරගයට සහභාගී වෙනවා අපේ ගමේ අති සුප්පරසිද්ධ කැරැක්ටර් එකක් තියන මහත දෙහෙත චුට්ටක් කෙට්ටු ඇන්ටි කෙනෙක්..එයාගේ පෙට් නේම් එක බබ්බකාන්ති..ගමේ සම්පරදාය තමයි මේ දුවන ඕනම රේස එකකට මගදි වතුර ගහන එක...ගහන්නේ මැදදි ඒ අපේ ගමේ මහා පිරිමීයෝ ටික.මේ වතුර ෂොට් ගැන හසල දැනීමක් තියන බබ්බකාන්ති ඇන්ටි මුලින්ම කරේ රේස් එකට යන අතරමග හිටපු පිරිමීයෝ ටිකට සද්දයක් දාපු එක..
අම්මපා මට එකෙක් හරි වතුර ගැහුවොත් ගලවනවා සරම ඔලුවෙන්..කියලා හරි ආදරෙන් කිව්වා.ඒ කතාවට සරම කැහිපට ගහගෙන හිටපු පිරිමි සරම බිම දැම්මා.කලිසම් ඇදන් හිටපු පිරිමින්ටත් හීන්දාඩිය දැම්මා.වතුර කෝස් එක බාරව හිටපු පිරිමි ටික ස්වේච්චාවෙන්ම වැඩෙන් ඉල්ලා අස්වුනේ බබ්බකාන්ති ඇන්ටිගේ කෙරැවාවන් කිව්වොත් කිව්වා බව දන්න නිසා.
ගමේ වැඩිහිටි පිරිමි එහෙම පස්ස ගැහුවට අනික් කොල්ලෝ සෙට් එක වැඩේට බැස්සා. දැන් ඔන්න වතුර සෙට් කරන් ඉන්නවා..ඔන්න රේස් එක පටන් ගත්තා..ඇන්ටිලා රෙදි කරේ තියන් දුවනවා..මර්ඩර් වැට ගවටවෙලා කන්න වගේ පිල්ම් එක බලනවා..අනිත් එවුන් ටික වතුර අරන් පාර අයිනට ආවා..
ඒරියා එක පහුවෙද්දි ඉදිරියෙන්ම හිටියේ සුසන්නිකාටත් එහායින් ඉන්න අපේ බබ්බකාන්ති ඇන්ටි..ඒරියා එක පහුවෙද්දිම වැදුනානේද පිට පිට වතුර ෂොපින් බෑග් පාරවල් ගෑනු ටික පාර පුරා විසිවෙනවා හරියට ඩෝප් වෙච්ච පිරීමීයෝ වගේ..කොහොම වුනත් බබ්බකාන්ති අක්කටත් වැදුනා පාරක් වැදුනේ මූණටමයි..ඇස්දෙකේ වතුර ගියපු බබ්බකාන්ති ඇන්ටි විකාරෙන් වගේ විසිවෙලා ගිහින් වැදුනේ ඇහැ කටේ තියන් රේස් එක බලපු මර්ඩර් ගේ ඇගේ..අම්මට හුඩු මර්ඩරයත් පෙරලගෙන බදාගෙන වගේ තව තුන් හතර දෙනෙකුත් පෙරලගෙන බබ්බකාන්ති ඈන්ටි වැටකුත් කඩාගෙන ගිහිල්ලයි නතරවුනේ
අහිංසක මර්ඩර් බබ්බකාන්ති ඇන්ටිට යටවෙලා මලයි කියලයි අපි හිතුවේ. ඒහෙම හිතුවට එහෙම වුනේ නෑ.රේස් එක ඉවර වෙද්දිම කුණුහර්ප වරැසාවකුත් පටන් ගත්තා..
ඈ බොල..*****ගේ පුතෝ තෝ මොකටද මගේ කරේ නැග්ගේ...කිය කිය බබ්බකාන්ති ඇන්ටි නෙලනවා මර්ඩර්ට.අපි පැනලා බේරැවේ නැත්තනම්..අලුත් අවුරැද්දේම මර්ඩර් කාරයා දිවංගත වෙනවා බබ්බකාන්ති ඇන්ටිට වෙච්ච ලැජ්ජාවටයි..නවනිංගිරාවටයි අහුවුනේ අහිංසක මර්ඩර් තමයි.
මගේ පලමු ලව් එක
අනේ ඉතින් හා හා පුරා කියලා ඉස්කෝලේ 6 වසරේදිම මට ලව් මාන්දම හැදුනා..ඒ වවුල් මාන්දම හැදෙන්න ටික දවසකට විතර කලින්..එවකට මගේ අතිජාත මිත්තරයා වෙලා හිටපු කබ්බට තමයි මගේ පලමු ආදරයේ චමත්කාරය මුලින්ම මාට්ටු වුනේ. කෙල්ලා 8 වසරේ මම 6 වසරේ වීම මට පුරස්නයක් නොවුනත් කබ්බාට පුරස්නයක් වී තිබුණා. ඒකට මුලිකම හේතු සාධකය වුනේ කබ්බාට ගණන් බැරී වීමයි.මම බැහැගෙන මගේ පලමු ලව් එකට වැඩදාගෙන වැඩය. කෙසේ වෙතත් කෙල්ලගේ රෙස්පොන්ස් එකද ඉතා හොදය. කොහොමවුණත් එවකටත් කබ්බා ගණන් සාදමින් මගේ පලමු පෙමට අකුල් හෙලන්නට මාන බලමින් කොක් පාට් දමමින් සිටියේය. මම උගේ ගණන් සැදීම ගැන නොසිතා මගේ ලව් එක කරගෙන යන්නට විය. දැන් වැඩේ හොදගණන්ය. කබ්බා තවමත් ගණන් සාදයි. කබ්බා දැන් ගණිතය පාඩමේදී ධම්මිකා ටීචර්ටද ගණන් කියාදෙයි. ටීචර් හොද නිසා හොදය නැත්නම් අද හදේ හාවා වෙනුවට ඉන්නේ කබ්බාය
එතනින් නොනැවතී කබ්බා සිංහල සර්ටද ගණන් කියා දෙන්නට ගොස් ඩිප් පහලොවක්ද ගසා තිබිණි. එවකට මට ලව් මාන්දම බැවින් ඒ කිසිවක් මට අදාල නොවුණි. මම දැන් කෙල්ලට ආදරේ පලකිරීමට ඉතා ආසන්නය. දිනෙන් දින ඒ අස්චර්යයමත් මොහොතට දින ලංවෙමින් තිබිණි. ඒ දිනවල කබ්බා පාසල් නොපැමිණියේය. මිත්තරයන් කිවේ කබ්බා මහා පර්යේෂණයක් ගෙදරට වී කරනා බවයි. මට උගේ ඒවායින් වැඩක් නැතිබැවින් මම තවදුරටත් නැකත පැමිණෙන තෙක් බලා සිටියේය
නැකත් දින පැමිණියේය. සුබ මොහොතින් මම නිල් කොට කලිසම ඇද, සුදු ෂර්ට් එක පට්ට බැගියක් ද දමාගෙන සයිඩ් බෑග් එකද එල්ලාගෙන ආදරය පලකිරීමේ අවස්ථාවට සහභාගිවන්නට ගියේය.මගද මගේ පිටුපසින් මහා ශබ්දයක් ඇසිනි...
යුරේකා....සුරේකා...විරේකා...නිරේකා......
බෙරිහන් දෙමින් උඩුකය නිරැවත් වානරයෙක් මා පසුපසින් බෙරිහන්දෙමින් දිව එයි. මම කකුල් දෙකට ගට අරගෙන කොට්ටාශ තරගය දුවන්නට විය. පසුව මම පසුපසින් බෙරිහන් දෙන්නේ කව්ද යන්න හැදිනගත්තෙමි. ඒ අපේ දුක්බර පෙම්බර කබ්බාය
මචං....මචං...මං අරක හොයාගත්ත...ඒ ගමන් මට නිව්ස් ඇලට් එක ආවා උඹ අරකිගෙන් අහන්න යනවා කියලා...වදින්නම් බුදු මහත්තයෝ අහන්නනම් එපා..
දැන් මට මළය..බස් හෝල්ට් එක ළග මහ සෙනගක් අතර මූ මට දුන් කින්ඩියෙන් මගේ සියලු පිල්ටර් රත්වී ඇත..ඊටත් වඩා මගේ නැකත සවුත්තු කිරීම මට දරාගත නොහැකි විය.
ඇයි වල් නරියෝ තෝ මට බකට් එක දාන්නේ...කියපං බලන්න හේතුව ඒකට...
මම මල පනිද්දීම ඇසීය...කබ්බා බිස්ටල් බෝඩ් මිටියක් හා හප් ෂීට් කොල තොගයක් ගෙන මං ගාවට දිව ආහ.දින ගණනකි වතුර පොදක් උගේ ඇගේ ගෑවී නැති බව මට හැගිනි.
මෙන්න බලපන් සිද්දිය
දැන් උඹට වයස 11
කෙල්ලට වයස 13
ඒකිට අවුරැදු 39 වෙනවා කියන්නේ දැන් වයස 3න් වැඩි වෙනවා
(13 වැඩිකිරීම 3 = 39) හරිද?
හරි....මං මළ පැත්තක තියා මේ අලුත් පයිතගරස්ගේ සූත්තරය බැලීය
හරිනම්...ඊළගට උඹේ වයස 3න් වැඩිකරාම 33
(11 වැඩිකිරීම 3 =33)
බලපං එතකොට 39-33 =6 හයයි....උඹ කැමතිද කවදාහරි අවුරැදු 6ක් වැඩිමල් කෙල්ලෙක් බදින්න
අම්මට උඩු...කබ්බා කියන්නේ ඇත්තය..කබ්බා දෙයියෙක් නොව දේවාලයකි..උගේ ගණිත දැනුම නිසා මං වැටීමට ගිය වලෙන් ගැලවුනි.
මම කබ්බාට පිංදී...ලව් පලකිරිල්ල පැත්තක තියා ගෙදර දිව්වේ මහත් මනස්තාපයෙනි.....
තනි වලිය හා තනියට වලිකාරයෝ
මේ සිද්ධිය වෙන්නේ අපි ඒලෙවල් එහෙමත් ඉවර කරලා බී ලෙවල පන්නන්න කොම්පියුටෝර් ක්ලාස් යන කාලේ. මගේ මිත්තරයෙක් හිටියා කොටා කියලා. දැන් උට වෙච්ච දෙයක් නෑ. මං හිතන්නෙ මළාද කොහෙද? හිටියා කියලා නගර සභාවටවත් වැඩක් තිබ්බේ නෑ නේ. ඉතින් කොටාගේ වීර කිරියාවක් තමයි මේ කියන්න යනනේ.ඔන්න අපේ කොටා කවි බෝයිස් ලාට පිස්සු වැටිච්ච එළ හරකෙක්. ඉතින මූ පාරේ යන්නෙත් කව් බෝයි වගේ. දවසක් ඔහොම යද්දි හුණුකොටුව පැත්තෙදි කාත් එක්කද කචල් එකක් දාගෙන පස්සේ බලාගමු කියලා ඇවිල්ලා. ක්ලාස් එන ගමන් නිසා ද කොහෙද මූ බේරලා එවලා. ඒ වුණත් කොටාට මාර ලැජ්ජාවනේ ඉතින් මූ අපිත් තෙක්ක ඈවිත් ප්ලෑන් කරනවා හවසට කරන දේවල්. අපේ ලස්සා යි..පණ්ඩිත් එහෙම එක එක අයිඩියාස් දෙනවා. කොටාට ඒවා හරිගියේ නෑ. මාත් එකක් දෙකක් දුන්නා..ම්හ් හරි ගියේ නෑ
කොහොමහරි කොට ක්ලාස් ඉවරවෙලා ඔන්න යුද්දෙට යන්න වගේ ලෑස්තිත් වෙනවා. දැන් කෙල්ලෝ එහෙමත් සිද්ධිය ටික ටික දන්නවා. සමහර කෙල්ලෝනම් අවංක කම බේරෙන්නම ප්රසිද්ධියෙම මුට වෙන්න යන දේ ගැන සතුටු වෙනවා. සමහර කෙල්ලෝ නම් දුක් වෙනවා. කොච්චර උණත් එක්සෑම් දවස්වල මලගෙවල් ගානේ රස්තියාදුවෙන්න බෑ කියලා
අන්තිමට කොහොම කොහොමහරි කට්ටියගේ පොර ටෝක් මැද කොටා කියපි... හරි හරි උඹලා ගේ නිකං බණ විතරයි..මං යනවා තනියම හරි ගේමට..එකෙක්වත් එපා කියලා...කොටා දන්නවා කොච්චර උනත් කවුරැහරි එයි කියලා.එහෙම කියලා කොටා ගියා. අපේ එවුන් ටික ක්ලාස් එක ඉස්සරහ තක්බීර් වෙලා වගේ බලන් ඉන්නවා
දැන් කෙල්ලෝ ටිකත කෙදිරිගානවා කොටා පවි..කොච්චර උනත් හිත හොද කොටා...පොඩ්ඩක් ගිහිල්ලා බලන්න කියලා
පස්සේ අපේ කොල්ලෝ විසි තිස් දෙනා කතා බහ කරලා තීරණය කලා කොටා කියපු ප්ලේස් එකට සංවිධානය වෙලා යන්න. ඉතින් ඔන්න අපි ගබඩාවීදිය පැත්තෙන් දාල බයිසිකල් වලින් යනවා. කොල්ලෝ රොත්තක් එකට යනකොට හෙණ ගැම්මනේ ඉතිං. අපේ එවුන් සද්දේ දාගෙනම යනවා...
ඔන්න කොට කියපු තැනට ආවා...කොච්චර හිටයත් මොකද ටිකක් බයයි. අපි හොදට දන්නවානේ හුණුකොටුව පැත්තේ වාතාවරණේ. ඉතින් කෝකටත් කියලා සෙට් එකම ඉස්සරහට ගියා. යද්දි කොට ඉන්නවා ගෙදරක ලී ගේට්ටුවක් ඉස්සරහ..තව පොරක් ගේට්ටුවට එහායින් ඉදන් මුගේ දිහා බලන් ඉන්නවා. අපි ටික දැක්කා විතරයි කොටා පටන් ගත්තේ නැද්ද අරැට බනින්න....
බනිනවා බනිනවා පාලි සංස්කෘත බේරේනවා මහ දවල්...දැන් අර සරම ඇදන් හිටපු පොරත් තක්බීර් වෙලා වගේ බලන් ඉන්නවා..ඇත්තටම අපිට කොටාගැන මාර ආඩම්බරයක් දැනුනා. මු කොච්චර ජාතික වැදගත් කමක් තියන සතෙක්ද කියලා අපිට තේරැණේ එදා..අන්තිමට අපි තීරණේ කලා කොටාට තනියම ගේ ම ගහන්න දීලා අපි විසිර යන්න..අපි ඉතින් එන්න පිටත් වුනා
මෙනන එතකොටම කොටාගේ සද්දේ නැවතිලා....මහා විලාපයක් ඇහෙනවා....
සේරම යන්න එපා යකෝ......ටික දෙනෙක්වත් නැවතියං....යකෝ...... කියලා
හැපි හැපී බර්ත් ඩේ වලට....ගැටයාගේ දායකත්වය නියමය
ඔන්න ඉතින් හා හා පුරා කියලා බ්ලෝග් පෝස්ට් එකක් දාන වෙලාවේ හිතන්න එපා මේක මඩගහන්න හදන බ්ලෝග් එකක් කියලා.ඒත් ඉතින් අපි මේ ජීවත් වෙන කාලේ ෂෝක් දෙවල් වෙනවනේ මේ එයින් චුට්ටක්.ඔන්න මේ කියන්න යන්නේ මගේ අතිජාත මිත්තරයට වෙච්ච දෙයක්. ඉතින් සේරටම කලින් කියන්න වෙනවා මට ඉන්නව තොගයක් යාඵවෝ ඒක නිසා මේ එක එක ඒවා උන් එක එකා ගැන සහ මේ මම පොර ගැනම තමයි. තව ළග පාත ගෙවල් වල නංගිලා මල්ලිලා ගැන එහෙමත් තියනවා.
මේක වුනේ මගේ අතිජාත යුනිවර්සිටි මිත්තරයා ගැටය ට. මේ යකාට අපි ගැටයා කියන්නේ ආදරේට. ඒ නම දැම්මේ මගේ අනිත් යුනිවර්සිටි මිත්තරයා ස්පාක්. ඉතින් ඔන්න වාසිටියේ තවත් දවසක මම එනවා මගේ සුපුරැදු නුපුරැදු ටාටා ඉන්ඩිගෝ එක පැදගෙන..ටාටා එකේ චේන් එකත් බුරැල් වෙලා මඩ්ගාඩ් එකත් පොඩ්ඩක් සද්දේ දැම්මත් මම නිකං නෑහුණා වගේ ආවා.
මම එදා ටිකක් දවල් වෙලා ආවේ. මෙන්න මගේ ඉස්සරහට එනවා අපේ ගැටයා නිකං පෙන්ටගනේට ගහපු වෙලාවේ ජෝජ් බුෂ් වගේ මූණත් පහේ කාසියක් වගේ කරගෙන. ඈවිල්ලා වාඩි වුණා තෙල්බැම්මෙන්.වාඩි වෙලා මං ඈමතිම සිදුකලා. මොකද බං ගැටයෝ? මං ඈහුවා.....වැඩක් නෑ මස්සිනේ සේරම ඉවරයි..දැන් මට වෙලා තියෙන්නේ හාර්කෝස පටාස් ටිකක් ගහගෙන චටාස් ගාල බැල්කනියෙන් පනින්න තමයි.
අම්මට හුඩු මම කල්පනා කලා මේ ගස්ලබු ගහ වගේ හිටපු ගැටයට වෙච්ච දේ.....මොකද බං වුනේ....
මෙන්න මූ ඒ පාර ඔලුව ගහගන්නවා කොරිඩෝවේ බිත්තියේ..මං පැනලා අල්ලගත්තා බෙල්ලෙන්....මොකද වල් හිවලෝ තෝ මේ කරන්න යන අපරාදේ...අපරාදේ යකෝ මෙ කණු ටික දන්න කාලේ ඉදන් තියෙන. කියපන් ගස් රිලවෝ මොකද වුණේ?
වෙන්න තියන හොදම දේ වුනා ගල් ඉබ්බෝ....
ඉතින් කියපන් මොකද? කෑල්ල බූට්ද? ගනන් ගන්න එපා බං අපේ බැජ් එකේම කෙල්ලෝ එකසිය පනහක් විතර ඉතිරිවෙලා ඉන්නවානේ. ජුන්ඩෝ ටිකත් ආවම තව දෙසියක් විතර සෙටි වෙනවා. උඹ ගණන් ගන්න එපා.....මං උගේ හිත් පොජ්ජ හැදුවා
මගුලක් කතාකරනවා..ඒකි එහෙම කරානං දුක නෑ..ඊට වඩා හෙණ ගහණ වැඩක් උනේ බං...මෙන්න මූ එපාර කැන්ටිම ගාවපොලවේ පස් කන්න හදනවා...
මං අල්ලා ගත්තා මුගේ කොලර් බාවෙන් ...අල්ලගෙන ටිකක් ගසලා ගසලා ඈහුවා ආයෙත්....ඈ බොල පට්ට%%%%%%%.......ගේ ...... කියපන් යකෝ මොකද වුනේ කියලා
දැන්නං මටත් ඇඩෙන සයිස්
කියන්නත් ලැජ්ජයි බං..... ගැටයා අඩාවැටෙනවා
මොකද වුණේ...උඹේ ජෙන්ඩර් එකවත් මාරැවෙලාද...කමක් නෑ බං අපි හිත හදාගන්නං..තවත් එහෙම එකෙක් වැඩිවුණා කියලා
එපාරනං මුට මල පැන්නා....නෑ යකෝ.....
එහෙනං කියපං
අද මගේ කෑල්ලගේ බර්ත් ඩේ එක....
එහෙනං හැපී නිව් ඉයර් මචං...ඈන්ඩ් විෂ් යූ ද සේම්
එපාර මූ ආයෙත් කෑ ගහගෙන පැන්නනේ
මට ඒක අමතක වුණ යකෝ....ඒකි මාව කන්න හදනවා කේක් එක වෙනුවට...දැන් ඒකි කිව්වම තමයි මට මතක් වුනේ...
උට වගේ ම අපිටත් දවල් තරැ පෙනුනේ ඒක ඈහුවමයි. මුං වගේ ඉලංදාරි එක්ක යන ගෑනුණ්ට අම්මපා......කියලා වැඩක් නෑ අපිටත් හොද පාඩම්
එලකිරිම ඒවා
-
අනේ ඉතින් හා හා පුරා කියලා ඉස්කෝලේ 6 වසරේදිම මට ලව් මාන්දම හැදුනා..ඒ වවුල් මාන්දම හැදෙන්න ටික දවසකට විතර කලින්..එවකට මගේ අතිජාත මිත්තරයා වෙල...
-
ඔන්න ඉතින් අලුත් අවුරැද්දක් උදාවේච්ච මොහොතේ කස්ටියටම හැපී නිව් ඉයර් සහ සුබ අලුත් අවුරැද්දක් වේවා! කියලා විෂ් කරනවා හොදේ..මහේෂාක්‍ය ඉතින් කොහ...
-
ඔන්න ඉතින් හා හා පුරා කියලා බ්ලෝග් පෝස්ට් එකක් දාන වෙලාවේ හිතන්න එපා මේක මඩගහන්න හදන බ්ලෝග් එකක් කියලා.ඒත් ඉතින් අපි මේ ජීවත් වෙන කාලේ ෂෝක් ...
-
මේ සිද්ධිය වෙන්නේ අපි ඒලෙවල් එහෙමත් ඉවර කරලා බී ලෙවල පන්නන්න කොම්පියුටෝර් ක්ලාස් යන කාලේ. මගේ මිත්තරයෙක් හිටියා කොටා කියලා. දැන් උට වෙච්ච ...
